පොහොර මිල අඩු කිරීමට තීරණයක්..ඇමති ජනතාවට කියයි..

Mahinda Amaraweera Sri Lanka
By Aruna Mar 12, 2023 04:37 AM GMT
Report

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර දෙන බවද අමාත්‍යවරයා කීය.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳව කරුණු විමසීය.

TSP හෙවත් මඩ පොහොර හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන අතර එම නිර්දේශ ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම බන්ඩි පොහොර මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් එම පොහොර මිල ද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.