පන්සලට පැන කොල්ලකෑ සොරා කැමරා කාචයට හසුවෙයි..(VIDEO)
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    විහාරස්ථානයකට ඇතුළු වී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් පයාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එනම්, පයාගල මගලෙගොඩ විහාරස්ථානයක ආවාස ගෙට ඇතුළුවු පුද්ගලයකු අල්මාරියක බහා තිබූ රුපියල් 23,000 කට ආසන්න මුදලක් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව ඇත.
මගලෙගොඩ විහාරස්ථානයේ, විහාරාධිපතිහිමියන් විහාරස්ථානයේ වැඩ සිටින ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන සාමණේර හිමිවරුන් සිව්දෙනෙකුගේ දෙමව්පියන් සඳහා නිවාස සෑදීමේ වැඩ සටහනට වෙනුවෙන් දායකයන්ගෙන් එකතු කර තිබූ එම මුදල් මෙලෙස සොරාගෙන ඇති බව වාර්තා වේ.
මුදල් සොරා ගැනීමට පෙර සහ පසුව සැකකරු මාර්ගයේ ගමන් කරන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ. පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |