මාධවීගෙ අලුත් පෙම්වතා මාධවීට අලුත් නමක් තබයි..නෙතට කඳුලක් එක්කරමින් මාධවීගෙ අතේ දාල තිබ්බ දේ මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today Jackson Anthony SL Actress Gossips
By Aruna සති 4 කට පෙර
Report

මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම චරිතය කිව්වොත් වැරදි නැහැ.

ඒ ඇය හදිසියේ ම ඇගේ ප්‍රේම කතාව ලෝකයට අනාවරණය කිරීම නිසයි.

මාධවී ඊයේ ඇගේ අධ්‍යාපන ජීවිතයේ තවත් ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය හිමි කරගත්තා.

එම අවස්ථාවේදී ඇය ගත් ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොත මේවන විටත් පළකර තිබෙනවා.

මාධවී තම පශ්චාත් උපාධිය ලබාගන්නට ගියේ ඇගේ පියා ඇයට තිළිණ කළ අත්පලඳනාවත් පැළඳගෙනයි.

හදිසි අනතුරක් හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මාස ගනනාවක් තිස්සේ කොළබ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉතින් ජීවිතේ මේ වගේ සතුටු අවස්ථාවක තාත්තා ඇගේ ළඟ නැති වුණත් ඔහු තිළිණ කළ තෑග්ගක් ඔහුව මතක් වෙන්න ඇය පළඳලා.

ඇගේ සමාජ මාධ්‍යවල ඇය එය පළ කරලා තිබුණා. ඒ වගේම උපාධි අවස්ථාවේදී ගත් ඡායාරූපයක් පළ කරමින් මාධවීගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර ඇයට අලුත් නමක් දාලා තිබුණා.

ඒ "ප්‍රේමයේ මන්දහාසිනි" ලෙසින්. පහත දැක්වෙන්නේ ඒ සමාජ ජාලා සටහන්...


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery