කසුන් මාව පියෙක් වගේ රැකබලා ගන්නවා, ඉතින් මගේ වටිනාකම දන්න කෙනා ළඟ මම සතුටින් නැවතුනා, අපි ලඟදි විවාහ වෙනවා-මාධවී ඇන්තනී (PHOTOS )

Sri Lanka Jackson Anthony
By Sithumi Feb 25, 2023 05:00 PM GMT
Report


සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනයටත් ඉතම දක්ෂයි .

ඒත් එක්කම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන චන්දෝලි ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් පහුගිය දවසක විවාහයෙන් වෙන්වුණු ඇය දැන් තවත් ආදර කතාවක් පටන් අරගෙන කියලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාවක් යනවා.

ඉතින් එහි ඇත්ත නැත්ත දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ දිනවල ඇය ජීවිතේ සුබවාදීව ගත කරන්න උත්සාහ කරනවා කියලයි මාධවී නම් කියන්නේ. ඒ වගේම කොයි තරම් බාධක කම්කටොලු ආවත් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා.

මොකද දැන් ඇයට ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා ජීවිතේ අලුතින් ලියාගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඉතින් කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වාම ඔහුව හඳුනන පිරිසක් අද ලංකාවෙ ඉන්නෙ ඔහුගේ දක්ෂකම් නිසා කියලත් ඇය කියනවා.

ඒ වගේම කාලෙක ඉදන් ඔවුන් හොඳ යාළුවෝ නිසා ඇයගෙ ජීවිතේ බිංදුවටම වැටුණු මොහොතක තමයි කසුන්ට ඇය ගැන හිතක් පහළ වෙලා ඇයට යෝජනා කරලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට ඇයට අප්පච්චි ඇරුණාම ඉන්නෙ ඔහු විතරයි කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery