දැනෙන මිලකින් මත්පැන් අඩුකිරීමට තීරණය කරයි..බොන අයට සුබ ආරංචියක්..

Ranjith Siyambalapitiya Sri Lanka Businessman
By Aruna May 14, 2023 12:19 AM GMT
Report

මත්පැන් මිල ගණන් පහල දැමීමට රජය අවධානය යොමු කර තිබෙනවා.

ඒ ගැන සොයා බලන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.

සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මත්පැන් මිල වැඩි වීමෙන් අලෙවිය අඩුවී ඇති බවයි.

එම තත්වය මත මත්පැන් දැරිය හැකි මිලකට මත්පැන් ගෙන ඒම හා ඉන් රජයට සුරාබදු ආදායම ලබාගැනීමට අවධානය යොමු කරන්නැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇත්තේ, මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවීම හේතුවෙන්.

මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එලෙස අලෙවිය පහත වැටීමට හේතු වී ඇත්තේ මිල අධිකවීම බව නිෂ්පාදන සමාගම් පවසන්නේ.

මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත් වූ අතර එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ, අනුව සුරා බද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

මත්පැන් මිල අධික වීම නිසා ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති අතර ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව රෝගී වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය බරද වැඩි විය හැකි බව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇත.

මත්පැන් හා බියර් නිෂ්පාදනය ද පහත වැටී ඇති අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එතනෝල් ද ලීටර් ලක්ෂ පහළොවක් ගබඩාවල ඇති බව ලංකා සීනි සමාගමේ සභාපති සාරද සමරකෝන් ප්‍රකාශ කළා.

මත්පැන් හා බියර් අලෙවිය වැඩිකර සුරාබදු ආදායම් ගැනීම සුරාබද්ද අඩුකරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවද මුදල් අමාත්‍යාංශයට යෝජනා කර ඇති අතර එසේ නොමැති නම් මත්පැන් සැර 20%කින් අඩු මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවද සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළ බව සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now