නෙළුම් කුලුනේ සිට දියත් කෙරුණු වෙනස්ම අද්දැකීම - විඩියෝ සහිතයි..(VIDEO)
ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන "ස්කයි ඩයිවින්" අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පසුගියදා සිදු කෙරුණා.
ඒ, දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ සිටයි. මෙරට සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධන කිරීම සඳහා ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ස්කයි ඩයිවින් මෙරට තුළ සිදුකිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ස්කයි ඩයිවින් ශුරයින් දෙදෙනෙකු පසුගියදා මෙරටට පැමිණ තිබුණු අතර ඔවුන් ප්‍රදර්ශනාත්මක ඉසව්වක් වශයෙන් ප්‍රථමවරට නෙළුම් කුලුනේ සිට පහළට පැන නරඹන්නන් පුදුමයට පත්කළේ.
මේ ව්‍යාපෘතිය ජාත්‍යන්තර ජනමාධ්‍යවල අවධානය දිනාගනු ඇති බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ ලොවපුරා ජනතාවගේ උනන්දුව නැවතත් ඉහළ යනු ඇති බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසනවා.
Get ready for an incredible demonstration of human ability.@fuerstmarco and @marcowaltenspiel of the Red Bull Sky Diving Team took on took on a daunting feat by diving 250 meters from the top of the Colombo Lotus Tower.#adventuresrilanka #adventure #redbull #skydive pic.twitter.com/Gdu3jyHGq5
— Colombo Lotus Tower (@LotusTower_cmb) April 29, 2023