අද රාත්‍රී 7.00 සිට නෙළුම් කුළුණට සිදුවන දේ මෙන්න..කොළඹ අය මේ ගැන අවධානයෙන් ඉන්න..
Sri Lanka
By Aruna
අදට (02) යෙදී ඇති ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැයක කාලසීමාවක් නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මෙවර ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ තේමාව වන්නේ පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම යන්නයි.
දකුණු ආසියාවේ රටවල ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සහ හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර, එය මෙහෙයවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සත්කාර පර්යේෂණ ආයතනය සහ මැන්චෙස්ටර් හි පිහිටුවා ඇති ඔටිසම් වැඩසටහන හා ඒකාබද්ධවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |