විහාරස්ථානයට ගිය මන්ත්‍රීට ප්‍රහාරයක්..!

Kurunegala Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 06, 2023 03:40 PM GMT
Report

 රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ගමන්ගත් වාහනයට කිසියම් පිරිසක් පහර දී ඇති බව පොලීසිය සදහන් කරනවා.

ඊයේ(05) රාත්‍රි 7ට පමණ, ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් යළි පැමිණෙමින් සිටින අතරතුරයි සභාපතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

කෙසේ වෙතත් ඉන් සභාපතිවරයාට කිසිදු හානියක් සිදුව නැහැ. ඔහු පොලිසියට පැමිණිලි කර ඇත්තේ විහාරස්ථානයේ සිටි දෙදෙනෙකු තමාගේ නිල රථයට පොලු මුගුරුවලින් පහරදුන් බවයි.

අදාළ පහරදිමට සම්බන්ධ පුද්ගලයන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now