ජපානය ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට..?

Sri Lanka IMF Sri Lanka Japan Sri Lanka Relationship India
By Sewvandhi Apr 12, 2023 10:13 AM GMT
Report

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබුණා.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now