නේපාල ගුවන් අනතුරේ සජීවී වීඩියෝවක් එළියට. (VIDEO)

Plane Crash Nepal
By Wayomi Jan 16, 2023 10:50 AM GMT
Report

ඊයේ (15) නේපාලයේ දී අනතුරට ලක් වූ "යෙටී" ගුවන් සේවයට අයත් යානයේ අවසන් තත්ත්පර කිහිපයේ සටහන් රූගත කෙරුණු ජංගම දුරකථනයක් සුන්බුන් අතර තිබී හමුව ඇති බව NDTV ඉන්දීය වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

එක් මඟියකු මෙම අවසන් තත්ත්පර කිහිපය සජීවීව ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර තිබුණා.

ඔහු එය රූගත කිරීම ආරම්භ කරන අවස්ථාවේ යානය පොක්රා ගුවන් තොටුපළට බැස්සවීමට සූදානම් වන ආකාරය දකින්න ලැබෙනවා.

නමුත් නිමේෂයකින් ගුවන් යානය කරකැවෙන්නට ගන්නා අතර, මහ හඬක් නංවමින් ගිනි ජාලාවක් බවට පත්වන අයුරු ද මෙම හානියට පත් නො වූ ජංගම දුරකථනයේ සටහන් වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එහි මඟීන් 72ක් ගමන් කර ඇති අතර මේ වන විට ඔවුන්ගෙන් 68 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

තවත් සිවු දෙනකුගේ සිරුරු හමුව නොමැති බවයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW