මෙසී වෙනුවෙන් කෞතුකාගාරයක්.. ?

By Sithumi Dec 29, 2022 03:40 PM GMT
Report

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩික ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරය මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.  

ඒ, පාපන්දු ලෝක කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය හේතුවෙනි. එ් අනුව අදාළ කාමරය තවදුරටත් අමුත්තන් සඳහා විවෘත නොවන අතර, නරඹන්නන් සඳහා පමණක් විවෘත වෙයි.  

එමෙන්ම මෙසීගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවන්ට උරුමයක් වනු ඇති අතර ලෝක කුසලානයේදී මෙසී ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයන් පිළිබඳ සාක්ෂියක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කරන රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ද ලියොනෝල් මෙසී මෙවර සමත් වුණා.