නිවසක වහලයත් කඩාගෙන ඇදට වැටුණු කොටියා - මෙරටින් වාර්තා වන භයානක පුවත..(VIDEO)
Nuwara Eliya
Sri Lanka
Accident
By Sewvandhi
වහලයක් කඩාගෙන නිවසක් තුළට ඇදවැටුණු කඳුකර කොටියෙකු පිළිබඳව පුවතක් ලිඳුල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. අදාළ සිදුවීම වාර්තාවන්නේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ නිවසකිනි.කෙසේ වෙතත් රාත්‍රී 10ට පමණ මෙලෙස කොටියා නිවස තුළට ඇදවැටීමත් සමඟ නිවෙසේ සිටි පුද්ගලයින් නිවසින් ඉවතට ගොස් දිවිබේරාගෙන ඇත.
පසුව ඔවුන් කොටියාට පැන යාමට නොහැකිවන ලෙස නිවසේ සියලු ජනෙල් දොරවල් අගුලු දමා මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට දැනුම්දී තිබේ. ඒ අනුව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ මැදිහත්වීම මත නිර්වින්දනය කර ආරක්ෂිතව කූඩුවක දමා වනජීවී නිළධාරීන් විසින් රැගෙන ගොස් ඇතිබව වාර්තාවෙයි.
සුනඛයෙකු දඩයම් කිරීම සඳහා පැමිණි කොටියෙකු මෙලෙස අනතුරට ලක්ව නිවසට ඇදවැටී ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |