ජපන් අගමැතිගෙන් ජනපති රනිල්ට විශේෂ ලිපියක්

Ranil Wickremesinghe Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Sewvandhi Aug 17, 2022 10:23 AM GMT
Report

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත සුබපැතුම් ලිපියක් එවමින් ජපාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වය සහතික කෙරෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සියලු ණයහිමියන් අතර සාධාරණ බර බෙදා හදා ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කඩිනමින් ප්‍රගතියක් අත්කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කරනවා.

“නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්” කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාව ඇතුළුව ජාතීන් දෙක අතර සුහද සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා කැමති බව ජපාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now