මේ වට්ස්ඇප් නම්බරේට ඔබේ සමේ සමීප සේයාරුවක් එවන්න..

Colombo Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Apr 28, 2023 03:39 AM GMT
Report

මේ වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 51 ක් හඳුනාගෙන ඇතැයි කොළඹ,ප්‍රාදේශීය ‍සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කසුනි කළුබෝවිල මහත්මිය ප්‍රකාශ කළා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ ඊයේ (27) පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇය මේ බව කියා සිටියා.

ඉකුත් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ලාදුරු රෝගීන්ගෙන් සියයට පහක වර්ධනයක් දක්නට ලැබෙන බවයි ඇය කියා සිටියේ.

ලාදුරු රෝගය වැළදුණු ළමුන් පස් දෙනකු දැනට හඳුනාගෙන තිබෙන බවත්,මොරටුව සහ රත්මලාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ ආශ්‍රිතව ලාදුරු රෝගය සම්බන්ධව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරෙන බවත්, සඳහන් කළ ඇය පාදුක්ක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය වසර දහයක කාලය තුළ ළමා ලාදුරු රෝගීන් වාර්තාවී නැතැයිද කියා සිටියා.

කොළඹ දිස්ත්‍රික්කයේ යම් අයෙකුට ලාදුරු රෝගය ඇත්නම්,ඒ බව ස්ථිරව දැන ගැනීමට සමේ සමීප සේයාරුවක් 075-4088604 වට්ස් ඇප් අංකයට යොමු කළ හැකි බවත්,එහිදී කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥවරියක් විසින් ලාදුරු රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now