විවාහයකින් තොර ගැබ් ගැනීම් සම්බන්ධව ලංකවේ නීතිමය පසුබිම.
ශ්‍රී ලංකාව තුළ විවාහ නීති, දික්කසාද නීති ගැන කතා කරද්දී වගේම ගොඩක් දෙනෙක්ට ඇති වන ගැටළුවක් තමයි විවාහයකින් තොරව ගැබ් ගැනීමකදී නීතියේ සහය පතන්න බැරිද කියන කාරණාව. සාමාන්‍යයෙන් අපේ රටේ විවාහයකින් තොර ගැබ් ගැනීම් බහුල වන අතර ඒවායෙන් මුල් තැන එහෙමත් නැත්නම් වැඩිපුරම ඇති වන්නේ බාලවයස්කාර ගැබ් ගැනීම්. ඉතින් අපි බලමු විවාහයකින් තොරව ගැබ් ගැනීම් සම්බන්ධව ලංකවේ පවතින නීතිමය වටපිටාව ගැන.
විවාහයෙන් පිට ගැබ් ගන්නා අවස්ථා
- අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම
- විවාහය තුලදී සැමියා නොවන වෙන කෙනෙක්ගෙන් ගැබ් ගැනීම
- ගැබ් කුලියට දීමකදී ගැබ් ගැනීම
- අවුරුදු 18 ට වැඩී එහෙත් අවිවාහක ගැබ් ගැනීම
- ස්ත්‍රී දුෂණයෙන් හෝ බලහත්කාරකමකීන් ගැබ් ගැනීම.
අවුරුදු 18 ට පෙර ගැබ් ගැනීම
* අවුරුදු 16 ට අඩු නම් බරපතලයි. සාමාන්‍යයෙන් අදාළ ගැහැණු ළමයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව සිදු වුණත්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක් ලෙසයි සැලකෙන්නේ. ඊට අදාළ පිරිමි පුද්ගලයා අනිවාර්යයෙන්ම බරපතල දඬුවම් සහිත වරදකට වරදකරු වෙනවා. (එලෙස අවුරුදු 16 ට අඩු එවැනි ගැබ් ගැනීමක් නීතිවිරෝධී නොවන්නේ මුස්ලිම් විවාහයක් තුළ පමණයි.)
* මෙහිදී උපදින දරුවා බාලවයස්කාර මවට හදාගන්න ඉඩ දෙන්නත් පුළුවන්. නැත්නම් දෙන්නවම පරිවාසගත කරනත් පුළුවන්. එහෙමත් නැත්නම් උපදින දරුවාගේ ආච්චිට දරුවාගේ සහ බාලවයස්කාර මවගේ භාරකාරත්වය දිය හැකියි.
අවුරුදු 16 හා 18 අතර ගැබ් ගැනීම
මෙහිදී බාලවයස්කාර මවට සහ පියා යන දෙදෙනාම කැමති නම් නිසි වයසට එළඹී පසු විවාහ වෙන්න පුළුවන්. හැබැයි මෙහිදී ගැබ්ගත් මව පැහැරගෙන ගිහින් දුෂණයට ලක් කරලා නම් අධිකරණ අවසරයකින් තොරව උපදින දරුවාට සමීප වෙන්න පියාට හැකියාව නැහැ. නමුත් ඒ සම්බන්ධව බාලවයස්කාර මව පැමිණිල්ලක් කර නොමැති නම් ගැටළුවක් වෙන්නේ නැහැ.
විවාහය තුලදී සැමීයා නොවන කෙනෙක්ගෙන් ගැබ් ගැනීම
* මේක බරපතල තත්වයක්. ඔබ අනාචාරයා කියන දික්කසාද වරද හසුවන අවස්ථාවක්. විවාහ වී 284 ක් තුල උපදීන දරුවකු විවාහය තුල ඉපදුන දරුවකු බවට නීතීය පුර්ව නිගමනය කරනවා. එහෙම නෙවෙයි කියලා කියනවා නම් ඒක පීතෘත්වය ප්‍රතීක්ෂප කීරීමක් . එහෙම පීතෘත්වය ප්‍රතීක්ෂප කරන ඇතැම් අවස්ථා වලදී DNA වාර්තා විමසීමට ලක් කෙරෙනවා. එවිට ඔබ අනාචාරය කියන දික්කසාද වරදට හසුවීම, සහවිවාහ වී සිටින පුද්ගලයා විසින් නඩත්තු නඩුවක් දැම්මොත් පීතෘත්වය ප්‍රතෙක්ෂප කිරීම ,එහෙම නැත්නම් තමන් වෙනත් අයකුගේ දරුවකු නඩත්තු කරනවා කියලා සංකීර්ණ නීති තත්වයක් මතු වෙනවා.
* ඒ වගේම විවාහ වී සිටින පුද්ගලයා විසින් තම දරුවෙක් නොවුණත් තම විවාහය තුළ ඉපදුණු නිසා දරුවාගේ භාරකාරත්වය ගෙන දරුවාගේ ඇත්ත පියා අපහසුතාවයට පත් කර, මවද දික්කසාද කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාරකාර නඩුවකදී ඇත්ත තාත්තට එන්න බැහැ. මොකද දේපළ පිලිබඳ ගැටළු මතුවෙන්න පුළුවන් නිසා.
* විශේෂයෙන්ම තාත්තා දේපළ තබා අන්තිම කැමති පත්‍රයක් නැතිව මිය ගියොත් දරුවට දේපළ ඉල්ලන බැහැ.
* නඩත්තු කියන කාරණයේදී මව විවාහක සැමියාගෙන් දික්කසාද වෙලා දරුවාගේ ඇත්ත තාත්තා සමඟ විවාහ නොවී දරුවාට නඩත්තු ඉල්ලුවෝත් ඇත්ත තාත්තා දරුවට නඩත්තු ගෙවන්න බැඳී ඉන්නවා.
* විවාහයෙන් පිට ඉපදුනු දරුවෙක් වුණත්, හැබැයි එතකොට ඒ ඇත්ත තාත්තා විවාහකයෙක් නම් ඔහුගේ බිරිඳට ලොකු නඩුවකට අවස්ථාවක් එනව ඇත්ත තාත්තාට එරෙහිව අනාචාරය මත.
අවුරුදු 18 ට වැඩි එහෙත් අවිවාහක නම්,
* මේක ගොඩක් සංකීර්ණ නැහැ. නමුත් ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මව හෝ පියා දරුවගේ භාරකාරීත්වය ඉල්ලුවෝත් හා අනෙක් කෙන බැ කිව්වෝත්.
* ඒ වගේම පියා වෙනත් විවාහයක නම් දරුවාගේ පීතෘත්වය එම විවාහයේ කාන්තාව දැනගත්තෝත් විශාල ප්‍රශ්ණයක්.
* විවාහක මව රජයේ සේවකයෙක් නම් රජයේ සේවයට අපහාස කිරීම වගෙ තත්වයන් මතු වෙන්නත් පුළුවන්.
* ආයතන සංග්‍රහයට අනුව. දරුවගේ මවට තාත්තගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්.
* මවට දරුවා කාගෙන්වත් බාධාවකින් තොරව හදාගන්න පුළුවන්.
* දරුවගේ උප්පැන්න සහතිකයේ පියගේ නම දාන්න හෝ නොදාන්න පුළුවන්. හැබැයි එකට පියාගේ අවසරය ඕන.
* පියාගේ නම දාන්න අවසර දුන්නේ නැත්නම් විවාහ වෙලා නැති නිසා ගැටලුවක්. සමහරවිට නඩත්තු නඩුවක් දාලා පීතෘත්වය ඔප්පු කරලා නම දාගන්නත් පුළුවන්.
විවාහ වී සිටියදී ස්ත්‍රී දුෂණයකින් ගැබ් ගත්තොත්
* මෙහිදී බොහෝ මානුෂීය සංකීර්ණ ගැටළු ඇති වෙන්න. මොකද මෙය නිත්‍යානුකුල නොවන ගැබ් ගැනීමක් නිසා.
* ඒ වගේම ගබ්සා කරන්න ලංකාවේ අවසර නැහැ.
* පියාට ප්‍රවේශයක් හිමි වෙන්නෙත් නැහැ. දරුවා පරිවාස ගත කරන්නත් පුළුවන්.