ක්‍රිකට් නීති තුනක් සංශෝධනය කරයි - නව නීතී ජුනි මස පළමු වන දා සිට ක්‍රියාත්මකයි..

Cricket International Cricket Council
By krishani May 16, 2023 07:24 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මස පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව අනුමත කිරීමත් සමග ය.

එහිදී පිටියේ විනිසුරුවන් විසින් පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බව අපැහැදිලි නම් එය තෙවන විනිසුරුට යොමු කිරීමේ දී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවේ.

එමෙන්ම ක්‍රීඩා පිටියේ අධි අවදානම් අවස්ථාවන්හී හිස් ආවරණ පැළඳීම අනිවාර්ය වේ. 

ඒ අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන විට, කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේ දී, කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටින අවස්ථාවල දී හිස් ආවරණ පැළඳීම අනිවාර්යයි.

එමෙන්ම නිපන්දුවකින් පසුව ලබාදෙන ෆ්‍රී හිට් අවස්ථාවේ දී පිතිකරුවෙකු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු විට එහිදී ලබාගන්නා ලකුණු පිතිකරුවා වෙත ලබාදීය යුතු ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join