නීති විද්‍යාල විභාගය ගැන ආපු අලුත් ගැසට්ටුව පාර්ලිමේන්තුවේදී පරාජය වූ හැටි.

Parliament of Sri Lanka Sri Lanka
By Wayomi Mar 22, 2023 11:44 AM GMT
Report

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.

මීට පෙර නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ තුළින් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස, පාර්ශව ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන් අතර එයට, ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට එක් ඡන්දයක් පමණක් හිමිවූ අතර, ඊට විරුද්ධ ඡන්ද 113 ක් හිමි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW