කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන්ගේ අවසන් කටයුතු ගැන තීරණයක් ගනී. - (VIDEO)

Sri Lanka Canada Crime Murder
By Wayomi Mar 11, 2024 09:27 AM GMT
Report

කැනඩාවේ ඔටාවා අගනුවරදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන්ගේ අවසන් කටයුතු ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය බදාදා රාත්‍රීයේදී, එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණා.

එම ඝාතනය කළ ෆ්‍රෑන්ක්ද සොයිසා නැමැති 19 හැවිරිදි සැකකරු ඉගෙනුම ලැබු පාසලේ ප්‍රකාශකයෙක් කියා සිටියේ,සැකකාර ෆ්‍රෑන්ක් අවසන් වරට පාසලට පැමිණ ඇත්තේ පසුගිය වසරේ ශීත ඍතුව දක්වා පමණක් බවයි.

කෙසේ වෙතත් මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවෙමින් පවතිනවා.

මේ වනවිට බරපතළ තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත මියගිය දර්ශනී ඒකනායක සහ දරුවන් සිව්දෙනාගේ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිතයි.

අවමංගල්‍ය කටයුතු සඳහා ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බව ඔටාවා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළ අතර මියගිය අයගේ අවසන් කටයුුතු කිරීම සඳහා කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය අරමුදලක්ද පිහිටුවා ඇත.