පැතිරෙන Lassa නිසා සති තුනට මරණ 26ක් - විදේශයක පැතිර යන තවත් භයානක වෛරසක්..

fever Lassa virues vomite
By Sewvandhi Jan 27, 2022 08:28 AM GMT
Report

නයිජීරියාවේ සමහර ප්‍රදේශවල මාරාන්තික Lassa උණ පැතිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය සති තුන තුළ ඉහළ යන රෝගීන් සංඛ්‍යාවකින් පසුව එරට බලධාරීන් විසින් මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ 

 ආසාදිතයින් 115 ක් පමණ සහ මරණ 26 ක් තහවුරු වී තිබෙන බවද සඳහන් නයිජීරියාවේ රෝග පාලන මධ්‍යස්ථානය (NCDC) පවසන්නේ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මධ්‍යස්ථානය සක්‍රීය කිරීම අවශ්‍ය බවයි.

Lassa උණ යනු උග්‍ර වෛරස් රක්තපාත රෝගයක් බවයි පැවසෙන්නේ. බොහෝ විට මී මුත්‍රා හෝ මළ මූත්‍රාවලින් දූෂිත වූ ආහාර හෝ ගෘහ ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීමෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව සඳහන් රෝග ලක්ෂණ අතර උණ, සාමාන්‍ය දුර්වලතාවය, වමනය සහ පාචනය, හිසරදය සහ කැස්ස ඇතුළත් වනවා

මෙම රෝගය මුලින්ම සොයාගනු ලැබුවේ 1969 දී නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ ලාසා නගරයෙන් . Lassa උණ බටහිර අප්‍රිකාවට ආවේණික වී ඇති අතර, සෑම වසරකම 5,000ක් පමණ මරණයට පත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now