පාර්ලිමේන්තු පොකුර තවත් ඉහලට - තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ්

Covid19 Lasantha Alagiyavanna Mahinda Yapa Omicron Parlianent
By Sewvandhi Jan 29, 2022 09:43 AM GMT
Report

පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොවිඩ් 19 ආසාදිතව ඇති බවට වාර්ථා වෙනවා. 

එමෙන්ම කථානායක මහිනද යාපා අබේවර්ධන මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඊයේ(ජන. 28) දින ඔහු කොරෝනාවෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව ය.

මේ අතර,පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. 

 එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවලටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් පමණ වනවා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

පසුගිය සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද ඇතුළත්. මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now