අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..! මිල ගණන් මෙතනින්..

Sri Lanka Economic Crisis Sri Lanka Lanka Sathosa Sri Lanka Food Crisis
By Sewvandhi Nov 23, 2022 12:13 PM GMT
Report

ලංකා සතොස අද සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව සුදු සීනි මිල රුපියල් 9කින්, තිරිඟු පිටි මිල රුපියල් 14කින්, සුදු ලූනු මිල රුපියල් 30කින් සහ ලොකු ලූනු මිල රුපියල් 43කින් පහළ දැමීමට තීරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදීගත හැක.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now