උණුසුම් තත්ත්වයක් ඇතිවේ යැයි සලකා වමේ පක්ෂයේ මැයි රැළියකට තහනමක්..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna May 01, 2023 02:22 AM GMT
Report

ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව අද දිනයේ ලංකා සමසමාජ පක්ෂයට අදාලව එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට මැයි දින රැළි පැවැත්වීමට තීරණය කිරීමත් සමග එම රැලි පැවැත්වීමට විශේෂ තහනමක් පනවා තිබෙනවා.

ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ එම පක්ෂයේ නායකයා ලෙස නම් කරමින් එක් පාර්ශ්වයක් ද ඊට විරෝධය පළ කරමින් තවත් පාර්ශවයක් ද මරදාන පොලීසියට කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ.

තමන් විසින් ලංකා සමසමාජ පක්ෂයේ කාර්යාලයට ඉබි යතුරු දමා වසා තිබියදී එය, පක්ෂයේම තවත් පාර්ශ්වයක් කඩා වෙනත් ඉබි යතුරක් දැමීම සම්බන්ධයෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

පසුව අනෙක් පාර්ශ්ව ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබෙන අතර අදාළ පාර්ශ්ව දෙකම ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මැයි දින රැළි පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ එම ස්ථානයේ කළහකාරි සිදුවීමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now