මාලිමාවෙන් චමුදිතට රතු එළි දල්වයි.. ලාල් කාන්ත සහ වසන්තගෙන් දැඩි අනතුරු ඇඟවීමක්.(VIDEO)

Sri Lanka Politician Janatha Vimukthi Peramuna Political Development
By Aruna Jul 22, 2024 03:19 PM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගියදා මහනුවරදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

එයට හේතුව නම් ලාල් කාන්ත මහතා විසින් රාජ්‍ය නිලධාරීන් පුනරුත්තාපනය කළ යුතුය යන්න ප්‍රකාශයක් සිදු කිරීමයි.

මෙම ප්‍රකාශය ගැන පසුගියදා උදෑසන පත්තර විස්තර වැඩ සටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කරමින් 88/89 කාලවලදී බෙලිකපල වැටවල් වල ගහපු කට්ටිය, චිට් දාල කඩවල් වහපු කට්ටිය කොහොමද රාජ්‍ය නිලධාරීන් පුනරුත්තාපනය කරන්නෙ යන්න විමසන ලදි.

අනතුරුව චමුදිත විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට ඉදිරියේදී චමුදිතට බුක්ති විදීමට සිදු වන බවයි.

මේ ඊට අදාලව සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවක් පහතින් නරඹන්න

@kelumjayasumana74 #රනිල්ටඉඩදෙමු #ජාතියේඅපේක්ෂකයා #trending #tiktok #foryou #everyone #viral #මාලිමාවfail #slpp #sinhalatiktok #sajithpremadasa #nppsrilanka #Ranil #jvp #ලක්අම්මා #මේපාර_රනිල්ට #එක්වජයගමු ♬ original sound - KelumJayasumana74

තවද පසුගිය දින වල ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ මහතා විසින් ද මාධ්‍යවේදී කිහිපදෙනෙක් සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරන ලදි.

එහිදී වසන්ත සමරසිංහ මහතා දැඩි ලෙස අවධාරණය කළේ මාලිමා ආණ්ඩුවක් යටතේ එම මාධ්‍යවේදීන් හිරේ දාන බවත්, රට පැන්නොත් එහේ ඉන්න මාලිමා සාමාජිකයින් බලා ගන්නා බවයි.