"..අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කරනවා.." - ලක්ෂ්මන් කිරිඇල්ල

Galle Face Protest Lakshman Kiriella Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 22, 2022 01:19 PM GMT
Report

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද (22)පැවසීය.

අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයින්ට, මාද්‍යවෙදීන්ට පහරදිම රටේ ප්‍රතිරුපයට විශාල හානියක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ශයේ ප්‍රධාන සංවිධානය ලක්ශ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීවේය.

"මෙම සාමකාමී අරගලය දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුලත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිලිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ශ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා.

පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහින්සක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාද්‍යවෙදීන්ට ,ජත්‍යන්තර මාද්‍යවෙදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්. අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල් වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක් බව ප්‍රකාශ කරනවා.

ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරොපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙලා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුනාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුන දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now