ඓතිහාසික කුට්ටම් පොකුණේ කිඹුලෙක් - සංචාරකයින්ට දැනුම්දීමක්.

Anuradhapura Sri Lanka
By krishani Feb 04, 2023 03:38 AM GMT
Report

දෛනිකව දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගමන් කරන අනුරාධපුර - පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණේ කිඹුලෙකු සිටින බව වාර්තා වේ.

එහි ඇති අවදානම හේතුවෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට ද පියවර ගෙන ඇත.

සංචාරකයින්ට පූජා නගරයේ පිහිටි ඓතිහාසික කුට්ටම් පොකුණ භාවිත කිරීමට හෝ පොකුණට තුළට බැසීම සිදු නොකරන ලෙස දැනුම් දී ඇත.

කෙසේවෙතත් අනුරාධපුර - පූජා නගරය අයත්වන මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ඩී සේනාරත්න මහතා පැවසුවේ වනජීවී නිලධාරීන් සමඟ එක්ව හැකි ඉක්මනින් මෙම කිඹුලා ඉවත් කිරීමට කටයුතු කරන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join