ප්‍රධාන නගරයක රජයේ රෝහලක බාහිර රෝගී අංශය (OPD) වසා දමයි..

Kurunegala Hospitals in Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 12, 2022 09:22 AM GMT
Report

ඉන්ධන ගැටලුව නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර නේවාසික රෝගීන්ට පමණක් ප්‍රතිකාර කටයුතු සිදුකරන බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේ ය.

එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා අදහස් දැක්වුයේ මෙලෙසිනී,

"අප රෝහලේ සේවාව දැනට සීමාවෙලා තියෙන්නේ.අද දින නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා පමණයි ප්‍රතිකාර කරන්නේ. ඉන්ධන ප්‍රශ්නය ගොඩාක් බරපතළ විදියට තියෙනවා.මේ රෝහලේ වැඩකරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 90%ක් ඉන්නේ මේ පළාතේ කට්ටිය නෙමෙයි. ගොඩක් අය ඉන්නේ නුවර පළාතේ.එහෙම නැත්නම් කොළඹ. එතකොට අපි එන්න ඕනේ බස්වල හරි කෝච්චිවල.ඇවිල්ලා සතියක් හමාරක් යනකල් අපිට ගෙදර යන්න බැරි තත්ත්වයක් තියෙනවා.

අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා දැනුවත් වු හැටියට අපිට ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් සෞඛ්‍ය අංශයට බ්‍රහස්පතින්දා, නැත්නම් සිකුරාදා වෙනකල් ලබාගැනීමේ හැකියාවක් නෑ රටේ තියෙන තත්ත්වය අනුව."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join