පාර්ලිමේන්තුවේ තවත් ප්‍රබලයකු කොවිඩ් ආසාදිත වෙයි

Covid19 Jayantha Samaraweera Kumara Welgama Amarakeerthi Athukorala Akula Saliya
By Sewvandhi Jan 28, 2022 11:48 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. අද (28) දින මන්ත්‍රීවරයාට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මන්ත්‍රී වෙල්ගම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙක්.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවලටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් වනවා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

පසුගිය සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද ඇතුළත්.

මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now