හරක්කටා සමඟ ආ කුඩු සළිඳුට අධිකරණයෙන් අද ලැබුණු තීන්දුව.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ විසින් අද(11) නියෝග කරනු ලැබුවා.
2023 මාර්තු 13 දා සැකකරු මැඩගස්කර රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ලබාගෙන විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.
ඒ, අනුව සැකකරු වසරක් රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු අංක 96863 දරණ නඩුවට අමතරව තවත් අපරාධ නඩු හතරක් වෙනුවෙන් අධිකරණයට අද(11) ඉදිරිපත් කර තිබුනා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙලෙසින්,
"ස්වාමීනී මාගේ සේවාදායකයා මරාදැමීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය ඔහුව මරා දමන බවට සඳහන් කර තියෙනවා. ඔහුට විරුද්ධව ඇති නඩු අහන්න වෙන්නේ ජීවත්ව සිටියහොත් පමණයි. මගේ සේවාදායකයාට නිකම් මැරෙන්න බැහැ. ඒ නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පවතින බූස්ස බන්ධනාගාරයේ ඔහු රඳවා තැබීම ඔහුගේ ජීවිතයට තර්ජනයක්."
"එපමණක් නොවෙයි, සැකකරු මරාදැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඔහුගේ මව විසින් අංක 24999/23 යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කර තිබෙනවා.එබැවින් ඔහුගේ නඩු බොහෝමයක් මෙම අධිකරණයේ විභාග වන බැවින් මෙම බලප්‍රදේශයට අයත් කළුතර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගරු අධිකරණයෙන් කරන එකම ඉල්ලීම ලෙස ඉල්ලා සිටිනවා"
ඒ අනුව අධිකරණයේ හමුවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන සැකකරුව ආරක්ෂාව සහිත සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.
එමෙන්ම ඉදිරි නඩු වාරයේදී සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වුවහොත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට සූදානම් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
විත්තිය වෙනුවෙන් නීතිඥ ජාලිය සමරසිංහ, තුෂාර ගුණරත්න, මනෝරිකා විජේතුංග සහ ඉවෝන් නිරෝෂා යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියා.
සැකකරු පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආ අතර, මේ මොහොත වනවිට පානදුර අධිකරණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.