කුඩු අංජු මෙරටට ගෙන ඒමට පියවර..

By Sithumi Apr 29, 2023 02:15 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රන්ජන් සිල්වා ඝාතනයේ සැකකරුවෙකු වූ සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් "කුඩු අංජු" ප්‍රංශයේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය විසින් මෙරටට දැනුම් දී ඇති අතර ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා. 

 මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් කුඩු අංජු පසුගිය කාලයේදී මෙරටින් පළාගොස් තිබුණා. 

 ඔහු විවිධ රටවල්වල ජීවත්වූ බවට මෙරට ආරක්ෂක අංශවලට වාර්තා වුවත් අවසන්වරට ප්‍රංශයේ ජීවත්වන බවට තහවුරු වී තිබුණු අතර කුඩු අංජු නමැත්තා යුරෝපය ඇතුළු විවිධ රටවල්වල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව සඳහන් වනවා. 

 ඔහුගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුවය එවන් පසුබිමක මීට දින දෙකකට පමණ ඉහතදී බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඔහුව ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 ඒ අනුව, ජාත්‍යන්තර පොලීසිය එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳඟහන් කළා. 

 ඒ අනුව, ඉදිරියේදී ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ආරක්ෂක අංශ පැවසුවා. 2018 වසරේදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් සිල්වා මහතාගේ ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස "කුඩු අංජුව" නම් කර තිබුණා.  

එමෙන්ම අඟුලාන ප්‍රදේශයේ ලක් මැඳුර හෝටලයට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ද සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් කුඩු අංජුට චෝදනා එල්ල වුණා.