ලංකාවේ ආර්ථිකය ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්..!
Sri Lanka Economic Crisis
Sri Lanka
IMF Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සංවාද මණ්ඩපයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අදහස් පළ කර තිබෙනවා.
එහිදී ඇය වැඩිදුරටත් IMF සහනය ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළාය.
"මීට පෙර නොතිබූ අභියෝගවලට දැන් මුහුණදෙන සාමාජික රටවලට අප සහාය වනවා. එමෙන්ම එලෙස අවදානමට ලක්වන මැදි ආදායම්ලාභී රටවලට සහාය ඉහළ නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. ඉතා මෑතකදී යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට අපේ සහාය ලබාදුන්නා.
එම රටවල් මෙම අතිශය අභියෝගකාරී දුෂ්කරතා මැඩලන්න කටයුතු කරන්නේ වීර වික්‍රමාන්විත ලෙසින්. ඔබට සහාය වීමට ලැබීම අපට භාග්‍යයක්. එම රටවල් දෙකට සහ එලෙස අභියෝගවලට මුහුණදෙන සියලු රටවලට අත්පොලසන් නාදයකින් දිරිගන්වමු. දුෂ්කරතා හමුවේ නොසැලී සිටින්න. ඔබට ඔබ සමග ඔබේ මිතුරන් සහ ඔබේ IMF සිටිනවා."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |