දහස් ගණන් මිනිසුන් එහා මෙහා යන අනතුරුදායක ගුවන් පාලම..(VIDEO)

By Sewvandhi Apr 17, 2023 09:55 AM GMT
Report

විශාල පිරිසක් එහා මෙහා ගමන් කරන කොටුව ගුවන් පාලම මේ වනවිට ස්ථාන කිහිපයකින් ම දිරාපත්ව ඇති අයුරු දැකගත හැකිය.

පාලම පිළිබඳව, අවට ව්‍යාපාරිකයින් කොළඹ මහ නගර සභාව දැනුවත් කර ඇතත්, ඔවුන් අවස්ථා කිහිපයකින් පැමිණ එම ස්ථාන ලකුණු කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

එලෙස සිදු කළ නමුත්, මේ වන තෙක් පාලම අලුත්වැඩියා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වෙළෙඳුන් චෝදනා කරති. වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ පවතින අවස්ථාවන්වලදී පාලම මතට විශාල පිරිසක් ගොඩවන බවය.

මාරක අනතුරක් සිදුවීමට පෙර පාලම අලුත්වැඩියා කරදෙන ලෙස ද එම ප්‍රදේශයේ වෙළෙඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. පාලම යට හා උඩ විශාල පිරිසක් වෙළෙඳාම් කටයුතු පවත්වන අතර, කොටුව දුම්රිය පොළට පැමිණෙන විශාල පිරිසක් ද පාලම භාවිත කරමින් නිරන්තරයෙන් එහි ගැවසෙනු ඇත.

එවන් අවස්ථාවක සිදුවිය හැකි අනතුරක් නොසලකා සිටියහොත් එය මහා විපතක් බව ද වෙළෙඳුන් පැවසීය. "පාලම කැඩිලා තියෙන්නේ, මෙතැන ඔක්කෝම දිරලා. දැන් ගොඩක් කල් ඉඳලා. කට්ටිය ලියාගෙන යනවා විතරයි ඒකට මුකුත් නෑ. අපි මෙතැන වෙළෙඳාම් කරනවා. කොයිවෙලේ මේවා වෙයි ද කියලා කියන්න බෑ..."  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now