මෙන්න සුබ ආරංචියක් - මඟ බලාගෙන සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ.

South Korea Education Foreign Employment Bureau Job Opportunity
By Wayomi May 23, 2024 12:02 PM GMT
Report

මේ වන විට නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 ක් වන අතර ඒ, අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

අදාල විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ කෙරේ.

එමෙන්ම විභාගය සමත් අයදුම්කරුවන් සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන් හිදී සිදු කිරීමට නියමිතයි. 

........................................................

May you Like