කොරියන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්..ලංකා ඉතිහාසයේ ඉහළම රැකියා අවස්ථාවක්.(PHOTOS)
Manusha Nanayakkara
Sri Lanka
South Korea
By Aruna
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම රැකියා කෝටාව දකුණු කොරියාවෙන් ලබාගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා.
ඒ අනුව 6500 ක රැකියා කෝටාවක් තහවුරු කර ඇති අතර මේ හේතුවෙන් සතිපතා ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 200 කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් පිටත් කර යවන බව අමාත්‍යවරයා කියා සිටියා.
දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු පෙරේදා දිනයේ පිටත්ව ගියා.
එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු අද(25) දින ගුවන් ගත වීමට නියමිත අතර තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු හෙට(26) දින පිටත්ව යාමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


