පොලිස් ජිප් එක වට කළ පිරිස විසුරුවන්න අහසට වෙඩි තබයි..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Mar 31, 2023 08:47 AM GMT
Report

ඊයේ (30) රත්‍රියේ කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි.

කොලොන්නාව සිංහපුර ක්‍රීඩාංගනය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදී පුද්ගලයකු අත තිබූ යමක් විසිකරන අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.

එම සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඥාතීන් සහ ගම්වාසීන් පොලිස් ජීප් රථය වටකර සැකකරුව පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා උත්සාහ කිරීමේදී අහසට වෙඩිතබා පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

එම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ වලට කිසිදු හානියක් වී නොමැති බව වාර්තා විය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now