රිලවුන්ට බය වුණු කිතුල් කර්මාන්ත හිමිකරුවන්
Ministry of Agriculture
By Madheeha_Naz
බොහෝ ප්‍රදේශවල තිබෙන කිතුල් කර්මාන්ත සඳහා රිලවුන් සිදුකරන හානිය හේතුවෙන් එම කර්මාන්ත දැඩි තර්ජනයකට යොමු වී තිබෙන බව කිතුල් කර්මාන්ත හිමිකරුවන් පවසා තිබෙනවා.
මෙම රිලවුන් විසින් සිදු කරන හානිය හේතුවෙන් කිතුල් ගසකින් අවම වශයෙන් පැණි බෝතලයක් හෝ ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුන් සඳහන් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සොයා බැලීමක් කළද මෙතෙක් මේ සඳහා නිසි විසඳුමක් ලබා දී නොමැති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |