පැහැරගත් තරුණයා බේරාගනී..!
මතුගම ප්‍රදේශයෙන්, පැහැරගෙන යමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමත්ව ඇති පුවතක් වාර්තා වෙයි.
මෙසේ පැහැරගෙන තිබෙන්නෙ,මීගහතැන්න දියපත්තුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ තරුණයාගේ නිවස වෙත පැමිණ ඔහුව පැහැරගෙන ගොස් තිබුණේ ඊයේ(25) මධ්‍යම රාත්‍රියේදීය.
අනතුරුව සැකකරුවන් සහ සැකකාරිය පැහැරගත් තරුණයාත් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අලුයම් කාලයේ මතුගම නගර මධ්‍යයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන් එම රථය නවත්වා තිබෙනවා.
එහිදී තරුණයා විසින් තමන් පැහැරගෙන යන බවට පවසමින් කෑ ගැසීමත් සමඟ පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇත. මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව සැකකාරිය සහ සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීගහතැන්න පොලීසිය වෙත භාරදී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සෙසු සැකකරුවන් පිරිස දෙහිවල, කිරුළපන සහ කොළඹ පදිංචිකරුවන් බවද හෙළිවී තිබේ. මතුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |