තවත් ජාතික පාසලක Covid නිසා පන්ති කිහිපයක් වසා දැමේ
කොරෝනා ආසාදිත සිසුන් පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08 සහ 10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම පන්ති වසා දමා එහි ගුරුවරුන්ද නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ කුණ්ඩසාලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් සිදු කර ආසාදිත දරුවන් පිළිබදව තහවුරුකරගෙන ඒ සම්බන්ධව ඉදිරිපියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
එමෙන්ම,පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීමෙන් පාසල් කීපයකම අංශ රැසක් වසා දමා ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් පැවසීය.
මෙම පාසල් අතර පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක් ද වන බව කී එම නිලධාරියා එම පාසලේ ගුරුවරුන් සහ දරුවන් රැසක් ‘කොවිඩ්’ ආසාදනය වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර එහි පන්ති කීපයක් වසා දැමූ බව ද සඳහන් කළේය.
පානදුර ප්‍රධාන මිශ්‍ර පාසලක ද ගුරුවරුන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් වීමෙන් හෙට (24) සිට එම පාසලේ පංති කීපයක් ද වසා තැබීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |