අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා ගාලු මුවදොර පැවැති 'ගෝඨාගෝ ගම' අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බවය. පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙන්වා දෙයි.
කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |