කෙහෙළියගේ නිවසට ගිනි තබුවන් අල්ලයි
Keheliya Rambukwella
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
මැයි 9 වැනි දා දිවයින පුරා පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට ද අලාභ හානි සිදු වුණා. ඒ පිළිබඳ මහනුවර පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබුණා.
සිදු කළ විමර්ශනවලින් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 25, 29 හා 32 යන වයස්වල පසු වන මුල්ගම්පොළ හා මහනුවර ප්‍රදේශවල අය බව යි වාර්තා වන්නේ. සැකකරුවන් තිදෙනා අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණා.
ඒ අනුව මේ දක්වා අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හා මහනුවර පොලිසිය මඟින් මෙහෙයවනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |