නව කොරෝනා ප්‍රභේද මෙරටට ආවොත් සෞඛ්‍ය ඇමති කරන්න යන දේ මෙන්න.
ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන නව ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
පවතින තත්ත්වය පිළිබඳව දුර්මත ගෙන ගිය ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑ ම තත්ත්වයකට මුහුණ දිය හැකි ඉහළ ශක්තියක් පවතින බව ඔහු මෙහිදී සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නව ප්‍රභේදය සමග ලෝක සංඛ්‍යා ලේඛන දෙස බලන විට යම් තිගැස්මකට ලක්වන බව ත් එහෙත් මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තර වශයෙන් පවතින බව ත් ය.
විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේ ම ඉහළ කැප කිරීම, ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, එන්නත මගින් නව ප්‍රභේදයේ හැසිරීම, වෛරසයේ ව්‍යාප්තිය අඩු කිරීම සහ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |