ඔබටත් වකුගඩු රෝගය තියෙනවද කියලා දැනගන්න.. ඔබ නොසිතන ප්‍රධාන රෝග ලක්ෂණ 7ක් මෙන්න..(PHOTOS)

World Health Day Healthy Food Recipes
By Sithumini Sep 30, 2024 04:01 PM GMT
Report

වකුගඩු රෝගය කියන්නේ අපි කව්රුත් බියවන භයානක රෝගයක්. ඉතින් මේ රෝගය විවිධ හේතු මත ඇති වෙනවා.

ඔබටත් මේ රෝගය හැදෙන්න හේතු කාරක තිබේනම් ඔබ බලන්න ඕනි දෙයක් තමයි. ඔබටත් වකුගඩු රෝගය තිබේද කියලා.

එසේනම් ඔබ නොසිතන ප්‍රධාන ලක්ෂණ හතක් පහතින් බලන්න.

නිදා ගැනීමේ අපහසුතාවය

[

වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකිරීමෙන් ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය ශරීරයෙන් පිටතට නොයෑම නිසා නිදා ගැනීමේ අපහසුතා ඇතිවේ

වළලුකර සහ පාද ඉදිමීම

පිට කොන්දෙහි ඇතිවන වේදනාව

අපගේ වකුගඩු පිහිටා ඇත්තේ පිට කොන්දට දෙපසිනුයි වකුගඩු දුර්වල වීමෙන් අධික වේදනාවක් පිටකොන්දේ ඇතිවේ

සම වියලීම හා කැසීම

මුත්‍රා කරන විට පෙන ඇතිවීම.

මුත්‍රා කර අවසන් වූ විට පෙන සහිත ස්වභාවයක් දිස් වීමෙන් කියැවෙන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන බවයි.

මුත්‍රා කර අවසන් වී වතුර ගැසූ පසුත් එම පෙන ඉවත් නොවන්නේ නම් ඒ පිලිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.

දිගින් දිගටම ඇස් වටා ඇතිවන ඉදිමුම.

වකුගඩු වලට හානි සිදුවීම ආරම්භයේ සිටම වාගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවීමෙන් මේවගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්.

කෙණ්ඩා පෙරලීම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමත් ඇතිවන ලවණ අසමතුලිතතාවය නිසා මෙලෙස කෙණ්ඩා පෙරලීම සිදුවෙන්න පුළුවන්,

මේ හතට අමතරව, මුඛයේ ලෝහමය රසයක් සහ දුර්ගන්ධයක් ඇතිවීම.

විටින් විට මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම. මුත්‍රා සමඟ ලේ පිටවීම. ආහාර ගැනීමට ඇති කැමැත්ත අඩු වීම. වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතා.

Gallery