මා එක්ක තියෙන තරහාට බොන බීම එකට වැලි දාලා දීලා තිබ්බා.. දළඹුවෙක් පෙට්ටියක් ඇතුළේ දාලා තියනවනේ බටර්ෆ්ලයි කෙනෙක් වෙනකන්. අන්න ඒ වගේ අම්මා හිටියේ. කාවින්ද්‍යා අධිකාරි මෙතෙක් නොකියූ කතාවක්. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 26, 2023 04:18 PM GMT
Report

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත්, ඇය බොහෝම ඉක්මණින් තමන්ගේ ම අනන්‍යතාවයකින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණා. ඇය නමින් කාවින්ද්‍යා අධිකාරි. සමාජ මාධ්‍ය තුළත් ඇය ගොඩක් කතාබහට ලක්වන කෙනෙක්. ඇය පසුගිය සමයේ වැඩසටහනකට එක්වෙමින් තමන් ජීවිත කාලයම තනියෙන් ඉන්න තීරණය කළ වගක් කියා තිබුණා.  

“මම හොඳට ඇහුම්කන් දෙන කෙනෙක්. යාලුවෝ වුණත් මට කියනවා. මම හිතනවා පුදුම වදයක්නේ මේ මිනිස්සු දුක් විඳිනවනෙ කියල. තනියම ඉන්න එක ඇත්තටම හොඳයි. අපි දන් නෑනෙ අපි හැමදාම ජීවත් වෙනවද කියලා. ආදරේ කරන කෙනා වෙනස් වෙන්න පුලුවන්. මට කලින් නැතිවෙන්න පුලුවන්. අපි අවසන් ගමන යන්නෙත් තනියමනෙ. මගෙ එකම හීනේ අම්මවයි මල්ලිවයි තාත්තිවයි අන්තිම හුස්ම වෙනකන් බලාගන්න එක..”  

පාසල් කාලේ කරපු දඟ වැඩ ගැනත් කවී මේ විදිහට මතක අවදි කර තිබුණා. “ඉස්කොලේ කාලේ මම හරි දඟයි. මාව එක ස්කූල් එකෙන් අයින් කරන තැනට ආවා. ග්‍රේඩ් වන් මුල් කාලේ. කොල්ලෙකුට පැන්සලෙන් ඇනලා. පස්සෙ අම්මි ගිය ස්කූල් එකට ගියේ. අම්මිත් හිතන්න ඇති ගර්ස්ලා ඉන්න ස්කූල් එකකට දැම්මම දඟ වැඩ අඩුවෙයි කියලා. කොහොම හරි ඒකට හිහිල්ලත් කරාබු පවා ඇදලා කන් ඉරිලා යාලුවන්ගේ.. කොනිත්තලා.. මගේ යාලුවෝ මට වැලි එහෙම දාලා දීලා තියනවා බොන පැණි බීමවලට, මට තියන තරහට. අද නම් එයාලා මට ගොඩක් ආදරෙයි..”  

චිරන්ත සමිතාගේ ජීවිතයට ආපු හැටි ගැන, කවීට තියෙන්නෙ මෙහෙම මතකයක්.. “චිරන්ත ආවට පස්සෙ අම්ම එයා හිටපු කාමරෙන් ආවා. ඒක හරියට දළඹුවෙක් පෙට්ටියක් ඇතුළේ දාලා තියනවනේ බටර්ෆ්ලයි කෙනෙක් වෙනකන්.. අන්න ඒ වගේ… පස්සෙ අම්මා ඇක්ටිව් වුණා. ගෙදර ගොඩක් දේ වෙනස් වුණා. මගේ ඔලුව ලොකු බරකින් නිදහස් වුණා

GalleryGalleryGalleryGalleryGalleryGallery