කටුනායක ගුවන් තොටුපලේ පහසුකම් වැඩි කරයි..
Bandaranaike International Airport
Sri Lanka
By krishani
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙමින් පවතින හේතුවෙන් එම පර්යන්තය තුළ පවතින ඉඩකඩ කළමනාකරණය කරමින් උපරිම පහසුකම් සැලසීමට කටුනායක ගුවන් තොටුපොල කළමනාකාරිත්වය කටයුතු කර ඇත.
ඒ අනුව පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුලු 25ක් දක්වා වැඩි කිරීමටත්, රටට පැමිණ වීසා ලබා ගැනීම සඳහා පැවති කවුලු 02ට අමතරව නව කවුලු 02ක් ස්ථාපිත කිරීමටත්, රේගු කටයුතු සඳහා ඉඩ ප්‍රමාණය වැඩිකිරීමත් සිදුකළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ ය.
එමෙන්ම පැමිණීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ඉඩකඩ ඇති ස්ථානයක ස්ථාන්ගත කිරීම තුළින් සංචාරක මගීන්ට පවතී අවහිරතාව දැන් මගහැරී ඇති අතර විවේකාගාර පහසුකම් ද වැඩිකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |