මහනුවර නගරය ගැන ගත් අලුත්ම තීරණය

Kandy Ranil Wickremesinghe Sri Lanka
By Sithumi Feb 20, 2023 11:59 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනීමට ද නියමිතය.

ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now