QR කේතය ව්‍යාප්ත කෙරේ - බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
දිවයින පුරාම පිහිටි ඉන්ධනහල් 1,190න් 962ක මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඊයේ (29) දිනයේ දී වාර්තාගත ඉන්ධනහල් සංඛ්‍යාවක දී කිව්. ආර් කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවත් ගත වූ දිනයේ ඉන්ධනහල් 657ක එම ක්‍රමවේදයට අනුගතව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවය.
ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන 4,651,911 ක් ලියාපදිංචි වී ඇති අතර ලියාපදිංචි වී ඇති යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 27කට ආසන්න වේ.
කිව්.ආර් කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |