අද සිට ඉන්ධන ලැබෙන අලුත්ම ක්‍රමවේදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කරයි.
එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
එමෙන්ම දෙවැනි ඩීසල් තොගය අද පැමිණෙන බවත්, එය ද මෙම ක්‍රියාපටිපාටියට අනුව තත්ත්ව පරීක්ෂාවට ලක් කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියි.
පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිත බවත් අදාළ නෞකා තුන සඳහා ම අවශ්‍ය කරන ගෙවීම් කටයුතු සිදු කර අවසන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර අද දිනයේ දී ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් තාක්ෂණය භාවිතයෙන් හඳුන්වාදීමට නියමිතයි.ඒ ජාතික ඉන්ධන බලපත්‍රයයි.
එම වැඩසටහන අද (16) පස්වරු 12.30ට ඇරඹීමට නියමිතයි.
මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කෙරෙනු අතර ජාතික හැඳුනුමපත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කරනු ලැබූ QR කේතයක් ද ලැබේ.
ඒ අනුව ඉන්ධන ලැබෙනුයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියට දෙදිනකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
