විදුලිබල හා බලශක්ති ඇමැති කංචන ගෙන් විශේෂ නිල පණිවුඩයක්...

Ceylon Petroleum Corporation Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Apr 19, 2023 05:25 AM GMT
Report

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමෙන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සංවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළට ලබා ගැනීමටත් රජය අපේක්ෂා කරයි.

අමාත්‍යවරයා,එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය 2023 වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් අනුමැතිය ලබා දෙන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now