භූමිතෙල් සඳහා රජයෙන් මුදල් සහනාධාරයක්..? ඇමති කංචනගෙන් විශේෂ ටිවිටර් පණිවිඩයක්

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 22, 2022 08:24 AM GMT
Report

භූමිතෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සහනාධාර වැඩ පිළිවෙලක් ගැන සදහන් කර තිබේ.එනම්,අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක සිට සිදුකළ යුත්තක් වන අතර සහනාධාර මිලට භූමිතෙල් විකිණීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ද එක් හේතුවක් වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (21) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ නැංවූ අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340 ක් ලෙසය.

මේ අතර භූමිතෙල් මිල ඉහළ නැංවීම හේතුවෙන් සිය කර්මාන්තය පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව ධීවර ජනතාව පවසයි. මේ හේතුවෙන් ඉදිරියේදී මත්ස්‍ය මිල ද ඉහළ යා හැකි බව පෑළියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයින් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now