ක්ෂේත්‍ර ද්විත්වයක් ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් සටහනක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
ඛනිජ තෙල් සහ විදුලිබල ක්‍ෂේත්‍රවල ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුම්වලට එල්ලවී ඇති විරෝධතා පදනම් විරහිත බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුම් මීට පෙර වෘත්තිය සමිති නියෝජිතයන් වෙත ඉදිරිපත් කර ඇති බවය.
එම නිසා විරෝධය පළ කිරීමේ අයිතියට අභියෝග නොකරන නමුත් ඛනිජ තෙල්, විදුලිබල ක්ෂේත්‍ර දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අඛන්ඩව සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |