ඇමති කාන්චන පොලිස්පතිට හදිසියේම යැවූ ලිපිය..
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් කඩාවැදුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව ඉන්ධන ගබඩාකරන හා බෙදාහැරීම් සිදුකරන සියලු කලාපවලට ලබාදෙන ලෙස අමාත්‍යවරයා සිය ලිපියෙන් ඉල්ලා තිබුණි.
කොලොන්නාව ඛනිජතෙල් පර්යන්තය අසල පසුගිය 28 වනදා උපවාසයක් ආරම්භකළ වෘත්තීය සමිති නියෝජිතයින් ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන ආරක්ෂිත කලාපයට බලහත්කාරයෙන් ඇතුළු වී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මන්‍ය කළ බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මෙම තත්ත්වය තුළ රටේ ආර්ථිකයට ද විශාල පාඩුවක් සිදුවූ අතර සිද්ධියට සම්බන්ධ පිරිස් හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට හා එදින ආයතනයට හා බෙදුම්කරුවන්ට සිදුවූ අලාභය ගණනය කර එම පිරිස්වලින් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |